Spread the love

අධිවේගී මාර්ගයේදී වූ රිය අනතුරකින් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය ආරච්චකට්ටුව පිහිටි ඒ මහතාගේ නිවස වෙත අද පෙරවරුවේ ගෙන ගියේය.

එහි ඒ මහතාගේ දේහය තැන්පත් කරන ලද්දේ තාවකාලිකව ඉදිකරන ලද විශාල ප්‍රමාණයේ කූඩාරමක් තුළයි.

පසුගිය වසරේ අරගල සමයේදී අරගලකරුවන් විසින් සනත් නිශාන්ත මහතාගේ නිවස ගිනි තැබීම හේතුවෙන් අවසන් කටයුතු සදහා තාවකාලික කූඩාරමක් ඉදිකර තිබිණි.

ඔහුගේ දේව හෙට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් එහි පැමිණෙමින් සිටී.

දේහය පිලිබද අවසන් කටයුතු ඉරිදා දිනයේ සිදු කිරීමට නියමිතව ඇත.