රිය අනතුරකට ලක්වීමෙන්අද (25) අලුයම ජීවිතක්ෂයට පත් වූ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වනවිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇත.
දේහය හෙට (26) පෙරවරු 10.30 ට පුත්තලමේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන යන බවයි වාර්තා වන්නේ.
දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 වන ඉරිදා ආරච්චිකට්ටුව ප්‍රදේශයේ දී සිදුකිරීමට නියමිතයි.