Spread the love

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණය සම්බන්ධයෙන් බලවත් සැකයක් මේ වන විට මතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

ඔහු ස්වභාවික අනතුරකින් මිය ගියාද එසේ නැත්නම් සැලසුම් සහගතව ඝාතන කලාදැයි සැක බවත් ඒ මහතා පැවසීය.

මියගිය සනත් නිශාන්ත සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල ඉතාමත් තුච්ච සටහන් පළ කරමින් සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයන් බවත් එනිසා මෙම සැකය වැඩි වශයෙන් දැනෙනා බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

සනත් නිශාන්ත මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පුත්තලයේ නිවසට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.