Spread the love

ලොකු ලූනු අපනයනය තහනම ශ්‍රී ලංකාව සඳහා ඉවත් කිරීමට තීරණය කළ ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලොකු ලූනු මෙට්‍රික්ටොන් දසදහසක තොගයක් අපනයනය ලංකා සතොස හරහා සිදුකිරීමට පසුගියදා තීරණය කළේය.

එම ලූනු තොගය ගෙන්වනු ලබන්නේ පෞද්ගලික අංශයෙන් ද නැතහොත් රාජ්‍ය අංශයෙන් ද යන්න සම්බන්ධයෙන් වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යංශය සාකච්ඡා කළ අතර එහිදී තීරණය වී ඇත්තේ ලංකා සතොස හරහා ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය කර අලෙවි කිරීමටය.