Spread the love


නිමල් රාජපක්ෂ-

දීර්ඝ සති අන්තයේ මගී ජනතාවගේ ගමන් පහසුව සදහා දුම්රිය දෙපාර්තමේන්තුව උඩරට දුම්රිය මාර්ගයේ හා උතුරු මාර්ගයේ විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය සඳහා එක් කර තිබේ.

ඒ අනුව උඩරට දුම්රිය මාර්ගයේ හෙට (08) පෙරවරු 07/30 කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බදුල්ල බලා දුම්රියයක් ධාවනය කෙරේ. (මාර්තු 8 දින පමණක් ධාවනය වේ).

මාර්තු මස 10 වැනි දින පෙරවරු 07/45 බදුල්ල බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ  කොටුව බලා දුම්රියයක් ධාවනය කෙරේ.(මාර්තු 10 දින පමණක් ධාවනය වේ).

අද (07) හෙට අනිද්දා (8.9) යන දිනවල කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 07/30 බදුල්ල බලා දුම්රියයක් ධාවනය කරේ.

බදුල්ල දුම්රිය ස්ථානයෙන් 7,8.10 යන දිනවල පස්වරු 05/20 කොළඹ කොටුව බලා දුම්රියයක් ධාවනය එක්කොට ඇත.

අදාල දිනවල උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සහ කන්කසන්තුරේ අතර කොටසෙහි සති අන්ත විශේෂ මගී දුම්රිය ගමන්වාරයන් කිහිපයක් පහත දිනවලදී පමණක් ධාවනය සඳහා එක් කර ඇත.

ඒ අනුව හෙට ,අනිද්දා සහ ඉන්අනිද්දා (08 ,09 හා 10 ) යන දිනවල අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 06.00ට කන්කසන්තුරය දක්වා ද කන්කසන්තුරය සිට පස්වරු 04.30 ට අනුරාධපුර දක්වා ද විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනයට එක්කොට තිබේ.