Spread the love

ඉදිරි ජනාධිවරණයේදී තමන් සහය දෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ 2027 වසර තෙක් ඇතිකරගෙන ඇති ගිවිසුම ප්‍රකාරව කටයුතු කරන අයකුට බව අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියට සම්පූර්ණයෙන්ම සහය දෙන අයකුට පමණක් තමන්ට සහාය දිය හැකි බවද ඔහු පැවසුවේය.

එසේ නොවන පුද්ගලයකුට රට පාලනය භාර දුනහොත් සති දෙකකට වඩා කාලයක් රට නොපවතිනු ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

උත්සව සභාවක් අවසානයේ මාධ්‍යවේදීන් විමසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.