Spread the love

ප්‍රභූ ආරක්ෂක අංශක අංශ රථයක් යතුරුපැදියක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අම්පාර දමන ප්‍රදේශයේ හෙළගම්පුර හන්දියේදී මෙම අනතුර සිදුව ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂක අංශයට අනුයුක්ත කර තිබූ ආරක්ෂ ප්‍රභූ ආරක්ෂක රථයක හැපී මෙම අනතුර සිදුවී ඇත.

අනතුරට පත් පුද්ගලයන් දෙදෙනා අම්පාර මහා රෝහලට ඇතුළත් කර ඇති අතර එක් අයෙකු අසාධ්‍ය තත්ත්වයේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.