Spread the love

නොව ලංකා පාතාලයද කැළඹී ඇත. විශේෂයෙන් මත්ද්‍රව්‍ය ජාලය කැඩීයාම නිසා සංජීව සහ සිද්ධික්ගේ ගෝලබාලයන් වෙත ඉදිරියේදී විරුද්ධවාදීන්ගෙන් ප්‍රතිප්‍රහාර විඳින්නට සිදුවනු ඇතැයිද දැනගන්නට ඇත. මේ නිසාම ඔවුන්ගේ ගෝල බාලයන් සැඟවී සිටින බවද දැනගන්නට ඇත.

මේ අතර සංජීව සහ සිද්ධික් කොටුවීමත් සමඟ එම ස්ථානය ගැනීම සඳහා තවත් පිරිසක් සූදානම් වන බවද දැනගන්නට ඇත. ඒ කවුද කින්ද මන්ද යන්න ඉදිරියේදී අපට හෙළිකිරීමට හැකිවනු ඇත. අපට ලැබෙන තොරතුරු අනුව ඒ පිරිස දැනටමත් සංජීව සහ සිද්ධික්ගේ ගෝලබාලයන් තම ග්‍රහණයට ගැනීම සඳහා මෙහෙයුම් දියත් කරන බවද සඳහන් වේ.

මේ සියල්ල සිදුවන අතරතුර දිනෙන් දින මෙරට සිදුවන ඝාතන වෙඩිතැබීම් ඉහළ යමින් තිබේ. කල්ලි කණ්ඩායම් අතර ගහ මරාගැනීම් වුවද මේ සියල්ල ගිනි අවි හරහා සිදුවන සිදුවීම් නිසා සාමාන්‍ය ජනජීවිතය ඉතාම අසීරු තැනකට පත්ව තිබේ. මේ තත්ත්වය එසේ තිබියදීත් ආරක්ෂක අංශ අත්පා බැඳගෙන සිටීම සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ විවේචන එල්ල වී තිබේ. දෙයක් සිදුවීමට පෙර එය වළක්වා ගැනීම වෙනුවට සිදු වූ පසුව එය බලන්නට යන තැනට ආරක්ෂක අංශ පත්ව තිබීම ගැන බොහෝදෙනා පමණක් නොව ආරක්ෂක අංශ පවා කලකිරීමට පත්ව ඇත. ඒ නිසා වහාම පාතාල මර්දනය කරන්නැයි යන්න බොහෝ ආරක්ෂක නිලධාරීන්ගේ ඉල්ලීම වී තිබේ.