Spread the love

රුසියානු ජාතික සංචාරක යුවළක් ගමන් ගත් මෝටර්රියකට (10) සවස 4 ට පමණ කතරගම බුත්තල මාර්ගයේදී වන අලියෙකු පහරදී ඇතැයි කතරගම පොලිසිය පවසයි .

වන අලි ප්‍රහාරයෙන් සංචාරක යුවළට කිසිදු හානියක් සිදුවී නොමැත . එහෙත් ඔවුන් ගමන් ගත් මොටර් රියට දැඩි අලාභ හානි සිදුවී ඇතැයිද පොලිසිය පවසයි .

කතරගම පොලිසිය සිද්ධිය පිලිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි .