Spread the love

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අසම්පූර්ණ බවට තොරතුරු අනාවරණය වී ඇතිබව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

ඒ අනුව අදාල ගැටලුව සම්බන්ධයෙන් වන විමර්ශන කඩිනම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව එම කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව පැමිණිලි ඉදරිපත් කළ දෙමාපියන්ගෙන් සාක්ෂි ක්‍රමවත්ව සටහන් කර ගැනීමට එක්ඟතාව පළ කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව ලැබෙන තෙක් ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක් නොගන්නා ලෙස ද අධ්‍යාපන බලධාරීන්ට දැනුම්දී ඇතිබව මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

සිසුන් තුන් ලක්ෂ විසිහතර දහසකට ආසන්න සංඛ්‍යාවක් මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පසුගිය 15 වැනිදා පෙනීසිටියේය.