Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් ඇත්තේ ජනතාව හා තමන් ළඟ බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

අනෙක් පාර්ශ්වය ළඟ ඇත්තේ බෝඩ් ලෑල්ල පමණක් බවද ඇය කියා සිටියි.

වත්මන් පක්ෂ නායකයන් කටයුතු කරන්නේ රාජපක්ෂලාට දොළපිදේනියක් සේ රාජපක්‍ෂලාට පාවා දීමටද ඇය පැවසුවාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට ඉදිරිපත් වෙන ඕනෑම අයෙකුට තමන් උදව් කරන බව ඇය තවදුරටත් කියා සිටියාය.

මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ අදහස් පල කරන ලදී.