Spread the love

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා පත්කිරීම සම්බන්ධයෙන් පවතින නීතිමය තත්වය පිළිබඳව නීතිපති උපදෙස් ඉල්ලූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසීය.

නිදහස් පක්ෂයේ ප්‍රාර්ශව තුනකින් ලේකම්වවරු ඉදිරිපත් වී තිබේ.

පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් දැනට අධිකරණය හමුවේ නඩු කිහිපයක් විභාග වෙමින් පවතියි.

එම තත්වය තුළ පක්ෂයේ ලේකම්වරයා පත්කිරීම සිය කොමිසමට ගැටලුකාරී තත්වයක් වී තිබේ.

ඒ හේතුවෙන් එහි ඇති නීතිමය තත්වය කෙසේද යන්න නීතිපතිවරයාගෙ මතය විමසා සිටි බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.