Spread the love

වැල්ලවත්ත ප්‍රදේශයේ සිට ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි ප්‍රුද්ගලයකු 16වන දින මස්කෙළිය රෝහලේදි මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පැවසිය.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ වැල්වත්ත ප්‍රදේශයේ සිට ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි වන්දනා නඩයක සිටි පුද්ගලයකු 15වන දින රාත්‍රියේ හදිසියේ අසනිප තත්වයන්ට පත් විමෙන් පසු එම පුද්ගලයා මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරිමට පියවර ගත් බවත්ය.

ප්‍රථිකාර සදහා එසේ රෝහල් ගත කල එම පුද්ගලයා 16වන දින අලුයම් කාලයේදි මිය ගොස් ඇති බවත් එම පුද්ගලයාගේ මරන පරික්ෂනය දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලේදි පැවැත්විමට පියවර ගෙන ඇති බවද ඔහු පැවසිය.

මෙසේ මිය ගොස් ඇත්තේ කොළඹ වැල්ලවත්ත පැරකුම් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 73ක් වයසැති නරායනන් සාබු යන අය බවත් මෙවර ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ විමෙන් පසු ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමින මිය ගිය 06වන පුද්ගලයා මෙම අය බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.