Spread the love

ශ්‍රී පාදස්ථානය වන්දනාවට පැමිණි අයෙකු ශ්‍රී පාද මළුවේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 96 හැවිරිදි වියේ පසුවූ ගාල්ල ඉමදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගොස් ඇති පුද්ගලයා ඊයේ දිනයේ ශ්‍රී පාද මළුව වෙත පැමිණ ඇති අතර දානමය පිංකමක් සඳහා අද දිනය දක්වා මළුවේ රැඳී සිට තිබේ.

මියගිය පුද්ගලයාගේ සිරුර මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහල වෙත රැගෙනගොස් ඇත .

නල්ලතන්නිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.