Spread the love

ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.5 දක්වා ඉහළ ගොස් ඇති බවත්, ඒ තත්ත්නව කිසිසේත්ම කෘතිමව ඇති කරන ලද තත්ත්වයක් නොවන බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.


අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එමේන්ම වසර 02 කටත් අඩු කාලයක් තුළ රුපියල 20 % කට ආසන්න ප්‍රමාණයකින් අධි ප්‍රමාණය වී ඇති බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

මෙය කිසිසේත්ම කෘතිමව ඇති කළ තත්ත්වයක් නොවන බවත්, වෙළඳ පලේ ඉල්ලුම සැපයුම මත ඇතිවීමට ඉඩදුන් තත්ත්වයක් මත මෙම තත්ත්වය උදා වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ අවස්ථාවේදී ණය ප්‍රතිව්‍යුහගත කරණය කරමින් සිටින බවත්, ඒ අනුව ඒ තුළින් සිදුවන්නේ අපේ ආදායමට සරිලන පරිදි ණය කළමණාකරනය කර ගැනීමට අවස්ථාව සලසා ගැනීම බවත්, විවේචනය කරන අයට මේ තත්ත්වය තේරුම් ගැනීමට නොහැකි නම් එය අනිකුත් කාරණා මෙන්ම කරන විවේචනයක් පමණක් බවත් ඔහු සඳහන් කළේය.