Spread the love

ගාසා තීරයේ මේ වන විට ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු සහ බටහිර ඉවුර ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු සිටින බවට තොරතුරු වාර්තා වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනරත් යාපා මහතා පැවසීය.

ඔවුන් සියළුදෙනා මේ වන විට සුරක්ෂිතව සිටින බවට තොරතුරු ලැබි ඇතිබවද පැවසීය.

පවතින යුද ගැටුම් හේතුවෙන් යලි ශ්‍රී ලංකාවට පැමිණිය යුතු බවට ඊශ්‍රායලයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයෙකු ඉල්ලීමක් කරන්නේ නම් ඒ සම්න්ධයෙන් මැදිහත් වීමක් සිදු කල හැකි බව වැඩිදුරටත් පැවසීය.