Spread the love

ශ්‍රී ලංකන් ගුවන් සේව​ය විකිණීම සඳහා පෙර තිබූ සැලසුම නව රජය විසින් ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇති බව එම සමාගමේ නව සභාපති සරත් ගනේගොඩ පවසයි.

ඒ අනුව ආයතනය වඩා ලාභ ලබන ගුවන් සේවයක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුකරන බවයි TTG Asia වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙරට සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම සඳහා වැදගත්ම සාධකයක් බවත් එම ගුවන් සේවය සියලු ශ්‍රී ලාංකිකයන්ට ආඩම්බර විය හැකි ජාතික ආයතනයක් බවට පත් කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් තිබෙන්නේ.

වර්ෂ ගණනාවක් පුරා ශ්‍රී ලංකන් ගුවන්සේවය පාඩු ලැබීම හේතුවෙන් පසුගිය රජය විසින් එහි කොටස් මිලදී ගැනීම සහ කළමනාකරණය සඳහා ලංසු කැඳවා තිබූ අතර ගුවන් සේව​යේ කොටස් 51% රජය යටතේ තබාගෙන ඉතිරි කොටස් 49% ආයෝජකයින්ට විකිණීම​ට නියමිතව තිබිණ..