Spread the love

වලස්මුල්ල හඳුගල ශ්‍රී විජයාරාමය විහාරධිපති කොළඹ සල්පිටි කෝරළේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශ්‍රී සද්ධර්ම කීර්ති ශ්‍රී රාඡකීය පණ්ඩිත කොළඹ බොරුපන ශ්‍රාස්ත්‍රපති පුවක්ගාහේනේ වඡිරඤාණ ස්වාමීන් වහන්සේ කොළඹ පුද්ගලික රෝහලකදී අපවත්වී වදාළ සේක.
අපවත්වන විට වයස අවුරුදු 74 ව සිටි උන්වහන්සේ ගේ දේහය14 වන දින පස්වරුව දක්වා කොළඹ බොරුපන සාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර, 15 වන දින පස්වරුවේ වලස්මුල්ල හඳුගල ශ්‍රී විජයාරාමය විහාරස්ථානයට මාවරල නග⁣රයේ සිට රිය පෙරහැරකින් වැඩම කරන දේහය 17 වන දින පස්වරු 2:30 ට විහාරස්ථාන ආදාහන මළුවේදී ආදාහන පුජෝත්සවය පැවැත්වෙන බව හඳුගල ශ්‍රී විජයාරාමය විහාරසථ කෘත අධිකාරි ශ්‍රාස්ත්‍රපති දෙයියන්දර ධම්මරතන හිමියන් පවසයි