Spread the love

ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා ව්‍යාපාරික සහකරුවෙක් සොයාගැනීමට නොහැකි වුවහොත් ගුවන්සේවයේ මෙහෙයුම් නවතා දැමීමට සිදුවිය හැකි බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ “State of the Nation” වැඩසටහන සමග එක්වෙමිනි.

ඔහු තවදුරටත් පැවසුවේ ශ්‍රීලන්කන් ගුවන් සමාගම දිගටම පාඩු ලැබීම දැරිය නොහැකි බවත් ඒ හේතුවෙන් එම සමාගමේ කොටස් 49% වෙනත් පාර්ශ්වයකට ලබාදී එය හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බවත් ය.

“අපි ණයේ ගිලිලා ඉන්නේ. එය අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක්”.