Spread the love

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු වෘත්තීයවේදීන් මේ වන විට විරෝධතාවක් ආරම්භ කිරිම හේතුවෙන් පොල්දුව මංසන්ධියේ සිට පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර වී තිබේ.

ඉතා ඉහළ ආදායම් බදු ප්‍රමාණයක් අය කිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව පැවැත්වෙන අතර වෛද්‍ය ඉංජිනේරු, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීයවේදීන් මේ සඳහා සහභාගී වී ඇත.