Spread the love

වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙසක් කලාප 420 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව පොලිසීය පවසයි.

තොරණ 321 ක් සහ දන්සැල් 4,726ක් ද සංවිධානය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ.

වෙසක් කලාප ආශ්‍රිතව මෙන්ම ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 18,000කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා වැඩි දුරටත් සදහන් කළේය.