Spread the love

දෙහිවල පොලිස් වසමේ කඩවත පාර, කලුබෝවිල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු අද අලුයම 6.40ට පමණ සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

එහිදී තුවාලකරුගේ දකුණු උරහිස අසලට වෙඩි ප්‍රහාර 02ක් එල්ලවී ඇති අතර, ඔහු  කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

තුවාල ලැබූ පුද්ගලයා වයස අවුරුදු 45ක් වන නගර සභා සේවකයෙකු බව සඳහන් ය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රහාරය සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.