Spread the love

වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000 ක පොහොර සහනාධාරය ලබාදීමේ කිසිදු ගැටලුවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ පවසයි..

රුපියල් 15,000 ක් කලින් ලබාදී මැතිවරණයෙන් පසුව රුපියල් 10,000 ක් ලබාදෙන ආකාරයක් සකස් කිරීමට හැකියාව ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

මැතිවරණ කොමිසම දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණය ගැසට් කළ පසුව කිසියම් ආකාරයක වැඩිකිරීමක් සිදුකර තිබෙනවා නම් එවන් වැඩිකිරීම් මැතිවරණයෙන් පසුව ලබාදීමට බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.