වී කිලෝවක් සඳහා රුපියල් 150ක මුදලක් ලබාදිය යුතුය යුතු යැයි තමන් කිසිදා පවසා නැතැයි කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.
තමන් දිගටම පෙනී සිටි මතය වූයේ වී නිෂ්පාදන පිරිවැය සහ ඉන් සියයට තිහක මුදලක් එකතුකර වී කිලෝවක් සඳහා මිල නියම කළ යුතු බව යයිද හෙතෙම කියා සිටියේය.
අද වන විට වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 100ක් බවත් ඊට සියයට තිහක් එකතු කළ විට වී කිලෝවක් සඳහා රුපියල් 130ක පමණ මුදලක් මෙවර නියම කරන බවත් හෙතෙම කියා සිටියේය.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසුවේය.