Spread the love

විෂය ගනැ අවබෝධයක් නොමැති ඇතැම් රාජ්‍ය නිළධාරින් එකම වාර්තාව සම්බන්ධීකරණ කමිටුවට යළි යළිත් ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා අවධාරණය කළේ නිළධාරින් නිවැරිදි තොරතුරු ලබා නොදෙන විට ප්‍රශ්න විසඳාගෙන වැඩකිරීම අසීරුවන බවයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ ඊයේ (24) පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි. මෙය පැවැත්වුණේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ දී ය.

පළාත් පාලන ආයතනවල ප්‍රමුඛ කාර්යය ඩෙංගු රෝගය පාලනය කිරීමයි. ඒ සදහා තමන්ගේ සැලසුම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයාට ලබා දෙන්න. එතකොට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මුහුණ දෙන ප්‍රශ්න විසදන්න පුළුවන්.

විශේෂයෙන්ම ඔවුන්ගේ රාජකාරි කටයුතු වලදී ඉන්ධන අර්බුදයකට මුහුණ දෙන බව කිහිප දෙනෙක්ම මට කිව්වා.ඒ වගේම රාජකාරි කටයුතුවලට අවශ්‍ය වාහන ලබාදෙන ඒවට අපිට මැදිහත් වෙන්න පුළුවන්. සෞඛ්‍ය නිළධාරින්ගේ රාජකාරි කටයුතු සඳහා ඉන්ධන ලබාදීමේ සීමාවක් නැහැ. සැලසුම් ලබා දුන්නම අපිට ඒ ප්‍රශ්න විසඳන්න පුළුවන්.ඒ වගේම ඩෙංගු මර්දන රාජකාරි කටයුතුවල යෙදෙන නිළධාරින් වෙනත් රාජකාරි කටයුතුවලට යොදවන්නත් එපා.

සමහර රාජ්‍ය නිළධාරින් පසුගිය සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කරපු වාර්තාවම මේකටත් ඉදිරිපත් කරනවා.අපිට හරි වාර්තා ලබා දෙන්න.එතකොට ප්‍රශ්න විසඳගෙන වැඩ කරන්න පුළුවන්.නිළධාරින් කරන වැඩ නිසා බැණුම් අහන්නෙ අපියි.

ඩෙංගු මර්දන කටයුතුවල තනියම යෙදෙන්න අමාරුයි. ජනාධිපතිතුමා විසින් ග්‍රාම කමිටු පිහිටුවල තියෙනවා.ඒ කමිටුවල ග්‍රාම නිළධාරි ඇතුළු රාජ්‍ය නිළධාරින් ඉන්නවා.තව ස්වෙච්ඡා සංවිධානත් තියෙනවා.ඒ අයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සම්බන්ධ කරල දෙන්න.එතකොට අපිට මේ ඩෙංගු මර්දන වැඩේ කරන්න ලේසියි.එක නිළධාරියෙක්ට විතරක් මේ වැඩේ කරන්න අමාරුයි.ඒ වගේම ජනතාවත් සම්බන්ධ කරගන්න.ජනතා සහභාගීත්වය නැතුව වැඩ කරන්න ගියාම චෝදනා එනවා.
මාර්ග ධාවන බලපත්‍ර නැතුව සමහර මාර්ගවල බස්රථ ධාවනය වන බවට පැමිණිලි ලැ⁣බෙනවා.ධාවන බලපත්‍ර නැතුව බස්රථ ධාවනය කරන්න බැහැ. එහෙම ධාවනය කරන බස්රථ වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න.

පළාත් සභාවේ සමහර නිළධාරින් රැස්වීම් වලට සහභාගී වෙන්නෙ නෑ. හරි තොරතුරු දන්නේ නැති වගකීමක් ගන්න බැරි නිළධාරින් මේවට සහභාගී කරවල වැඩක් නැහැ.එවැනි නිළධාරින් ගැන ආණ්ඩුකාරතුමා තීරණයක් ගනීවි.ගුරු කේෂ්ත්‍රයේ ප්‍රශ්න රාශියක් තියෙනවා.බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු රාශියක් තියෙනවා.ඒ පුරප්පාඩු සදහා උපාධිධාරීන් යොදවන්න.ඒ අය ස්වේච්ඡාවෙන්ම වැඩ කරයි.ස්ථීර පත්වීම් ලබාදෙන කොට ඒ අයට ප්‍රමුඛතාව දෙන්න.ආණ්ඩුකාරතුමන් මෙතන ඉන්න නිසා අපි ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනිමු.


.