Spread the love

තලවකැලේ නගරයේ පිහිටි රෙදි පිළි සහ විසිතුරු භාණ්ඩ වෙළද සැලක සේවය කර සේවකයින් 10 දෙනෙකු විෂ දුමාරයක් ආග්‍රහනය වීම හේතුවෙන් ඊයේ (19) සවස ප්‍රතිකාර සදහා තලවකැලේ රෝහලට ඇතුළත් කර ඇතිබව තලවකැලේ පොලිසිය පවසයි.

රෝහල් ගතකරන පුද්ගලයන් අතර කාන්තාවන් 09 සහ එක් පිරිමි පුද්ගලයකු සිටීයි.

එම සියලු දෙනා වයස අවුරුදු 20ත්22 අතර වයස් වල පසුවන තලවකැලේ ප්‍රදේශයේ පදිංචි කරුවන්ය.

විදුලිය විසන්ධි වූ අවස්ථාවේ වෙළද සැලේ තිබූ විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කිරිමෙන් පසු නිකුත් වූ දුමාරය ආග්‍රහනය වීමෙන් එම පුද්ගලයන්ට ක්ලාන්තය ,හිසේ කැක්කුම ඇතිව තිබේ.

පසුව ලිදුල රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇතිබව පොලිසිය පවසයි.

තලවකැලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.