ඌව සහ සබරගමුව පළාත්වල රජයේ සියලු දෙමළ පාසල් ලබන 27වනදා වසා තැබීමට තීරණය කර තිබේ.හෙට (26) දිනයට යෙදෙන මහශිව රාත්‍රී දිනය නිමිත්තෙන් අදාළ පාසල් සඳහා මෙලෙස නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බව පළාත් අධ්‍යාපන ලේකම්වරුන් ප්‍රකාශ කළේය.කෙසේවෙතත් අදාළ නිවාඩු දිනය වෙනුවෙන් එළැඹෙන මාර්තු මස 01 වන සෙනසුරාදා අතිරේක පාසල් දිනයක් අදාළ පාසල් වෙත ප්‍රකාශයට පත් කර තිබේ.මීට පෙර උතුරු සහ නැගෙනහිර පළාත්වල දමිළ පාසල් සඳහා ද ලබන 27වනදා නිවාඩු ලබා දීමට තීරණය කර තිබුණි.