Spread the love

සිංහල හා හින්දු අවුරුදු දිනයේ දිවයින පුරා සිදුවු විවිධ අනතරු වලින් පුද්ගලයින් 162ක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

මෙයින් රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 37 ක් රෝහල් ගතකර තිබේ.

පෙර වසරවලට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු දිනයේ සිදුව ඇති අනතුරුවල අඩුවීමක් වාර්තා වන බවත් ගිණිකෙලි සදහා කිසිවක් මෙතෙක් වාර්තා වි නොමැති බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.