Spread the love

සිය පුතු නිවසට කැඳවාගෙන ආ මනාලියව විවාහයෙන් පසු මවුපියන් පුදුමයට පත්වීමේ සිද්දියක් මහරගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

උපකාරක පන්ති පවත්වා ධනවත් වූ පුතා ඔහු විසින් දැන හඳුනාගත් තරුණියක් සමඟ මවුපියන්ට හොරෙන් විවාහවීමට කටයුතු කර තිබෙනවා.

ඒ් ඇය එතරම් රූමත් නොවීම හේතුවෙන්.

එහෙත් ඔහුගේ යහළුවන් මගින් තම පුතා විවාහ වන දිනය දැනගත් මවුපියන් තනිව ජීවත්වූ පුතා බැලීමට ගොස් තිබෙනවා.

මංගල දිනයේ මනාලිය මනා හැඩැති රන්වන් පැහැයෙන් යුත් තැතැන්තියක් ලෙස මව දුටුවා. ඒ නිසා ඇය සතුටටද පත් වුණා.

මංගල උත්සවයෙන් පසු යුවලට නිවසට ආරාධනා කළ මවට තම ලේලිය දුටු මවට ඇය හඳුනාගත නොහැකි වුනා.

ඇය රහසේ පුතුගෙන් ඇසුවේ මේ එදා මංගල දිනයේ සිටි මනාලියද කියායි.

එදා කර තිබූ මේකප් එක නැති නිසා මව රැවටී ඇති බවයි කාමරයේ සිටි තම මනාලියට පුතා පවසා තිබෙන්නේ.