Spread the love


රාජ්‍ය නිලධාරින්ගේ විවිධ වෘත්තීය සංගම් සංවිධානය කර ඇති විරෝධතාවය හේතුවෙන් හෙට(06) දිනයේ පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තුමේන්තුවේ එක්දින සේවාව ඇතුළු සියළුම සේවාවන් ක්‍රියාත්මක නොකරන බව එහි කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.
අදාල වෘත්තීය ක්‍රියා මාර්ගය හේතුවෙන් අභ්‍යන්තර කාර්ය මණ්ඩලය සේවයට වාර්තා නොකරනු ඇත.එම නිසා හෙට දිනයට එක්දින සේවාව ලබා ගැනීම සදහා වෙලාව වෙන්කර ගත් ඉල්ලුම් කරුවන් හට රජයේ වැඩ කරනු ලබන ඹ්නෑම දිනයක එක්දින සේවාව වෙත පැමිණිය හැකි බවද වියානි ගුණතිලක මහතා වැඩි දුරටත් පැවසුවේය.