Spread the love

දිවයිනේ, විශේෂයෙන් දකුණු අර්ධයේ පවතින වියළි කාලගුණයේ තාවකාලික වෙනසක් අද (20) දිනයෙන් පසු අපේක්ෂා කළ හැකිය.කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතී.
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.