Spread the love

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර තිබේ.

ඔහුගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ සන්ධානගතව හෝ පක්ෂයක් ලෙස මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකරයි.

අවසන් වරට පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහුගේ පක්ෂයේ නියෝජිතයන් හත් දෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත් වූ අතර පාර්ලිමේන්තු විසුරුවා හරින විට ඉන් හතර දෙනකු එම පක්‍ෂයෙන් ඉවත්ව වෙනත් පාර්ශවයන් වෙත සහාය දෙමින් සිටියහ.

පක්‍ෂයේ තීන්දුව දීර්ඝ ලෙස පහදමින් ඔහු විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

ලේඛනය පිළිබඳ අවසන් තීන්දුව ගැනීමට ද වත්මන් ජනාධිපතිවරයාට බලපෑම් එල්ල වන බවට අපට නම් කිසිදු සැකයක් නැත.

ශ‍්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති ඇමෙරිකානු SOFA ගිවිසුම තුළ ලෝකයේ සෙසු රටවල් සමග අත්සන් කර ඇති ගිවිසුම්වලට වඩා බරපතළ වෙනස්කම් ඇත. එහි ඇමුණුම ‘බී’ ලේඛනය අනුව ශ‍්‍රී ලංකාවේ රජය එම ඇමුණුමට එකඟතාව පළ කළහොත් රට තුළට ඇතුළු වන ඇමෙරිකානු හමුදා නිලධාරීන්ට සහ ඔවුනට සේවා සපයන සමාගම්වලට රටේ ඕනෑම තැනක සැරිසැරීමට සහ කඳවුරු බැඳීමට හැකියාව ඇත. එසේම එම නිලධාරීන්ට පූර්ව දැනුම්දීමකින් තොරව ශ‍්‍රී ලංකාවේ ඕනෑම තොටුපළකින් රට තුළට ඇතුළුවීමේ හැකියාව ඇති අතර ඔවුන්ට නිල ඇඳුම සහිතව හෝ එසේ නොමැතිව සහ ආයුද සන්නද්ධව හෝ එසේ නොමැතිව, ගුවනින්, මුහුදින් හෝ ගොඩබිමෙන් රට තුළ ගමන් කළ හැක. ඔවුන්ගේ ගමන් මළු හෝ වාහන පරීක්ෂා කළ නොහැකි අතර ඔවුන් රටේ නීතිය උල්ලංඝනය කළ අවස්ථාවක අධිකරණමය ක‍්‍රියාමාර්ග ගත නොහැකි අතර අදාළ චෝදනා ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුය.