Spread the love

.නාගොඩ සුමන

විවිධ හේතු නිසා විපතටපත් ජනතාව වෙනුවෙන් හැම දෙනාම තම රාජකාරිය නොපිරිහෙලා ඉටුකල යුතු බව 
උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගන් මහතා උතුරු පළාත් දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය සමඟ පැවති සාකච්ඡාවකදී පැවසීය.
එලෙස කටයුතු කිරීමට සියලු නිලධාරීන්ට හැඟීමක් තිබිය යුතුය.
එම හැගීම බොහෝ රාජ්‍ය නිලධාරීන්ගෙන් ගිලිහෙමින් තිබේ.
එය කනගාටු දායක තත්ත්වයක් බව ආණ්ඩුකාරවරයා පැවසීය.
ජනතාව වෙනුවෙන් සේවය කරන බොහෝ දෙනෙකුට ඇත්තේ නිෂේධනාත්මක මානසිකත්වයකි.
එම තත්ත්වය වෙනස් කර යුතුය.
නවීන තාක්ෂණය ද උපයෝගී කර ගනිමින් විවිධ හේතු මත පීඩාවටපත් ජනතාව වෙනුවෙන් උසස් සේවයක් කිරීමට කටයුතු කළයුතු බව ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.