Spread the love


නිමල් රාජපක්ෂ-

රටක් ගොඩනැගිමට නම් විනයගරුක පිරිසක් රට තුළ බිහිවිය යුතු බවත් දෙමාපියන් විසින් දරුවන් විභාග පමණක් ඉලක්ක කරගෙන අධ්‍යාපනය ලබා නොදිය යුතු බවත් කුසලතා සහ ආකල්පවලින් පිරි දරු පිරිසක් බිහි කිරිම සදහා සියලු දෙනා කැපවිමෙන් ක්‍රියා කළ යුතු බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පැවසුවේය.

ජාතික ශිෂ්‍යභට බලකායේ දෙවැනි බල ඇණියට අයත් පාසල්වල ශිෂ්‍ය භට කටයුකු සිදු කරන ශිෂ්‍යභට බාලක බාලිකාවන්ගේ නිල උසස්විම් ලබා දිමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 14දා මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයිය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

බලකාය බලඇණි 30කින් සහ පුහුණු මධ්‍යස්ථාන 2කින් සමන්විත වන අතර 2වන බල ඇණිය මහනුවර අධ්‍යාපන කලාපය සහ දෙනුවර අධ්‍යාපන කලාපයේ පාසල් කේන්ද්‍ර කරගෙන ව්‍යාප්තව ඇති අතර මෙහිදි ජාතික ශිෂ්‍යභට බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 35 දෙනෙකු මෙහිදි උසස්විම් ලැබුහ.
මෙහිදි අදහස් දැක්වු මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා කියා සිටියේ පාසල් දිවියේ දි ශීෂ්‍යභට ක්‍රියාකාරම් අනුව ලබා ගන්නා දැනුමින් ජිවිතයද ජය ගැනිමට හැකි බවත් ඒ තුළින් විනයගරුක සමාජයක් නිර්මාණය කිරිමට හැකියාව ලැබෙන බවත් ය.

.වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරයා පැවසුවේ රටට ආදරය කරන පිරිසක් බිහි කළ යුතු බවත් අපට ලැබි ඇති සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ගත යුතු බවත් දෙමාපියන් විසින් දරුවන් ශිෂ්‍යභට,බාලදක්ෂ වැනි බාහිර ක්‍රියාකාරකම් වලට දරුවන් සහභාගි කරවිමට කටයුතු කළ යුතුයි. දරුවන්ට ජය පැරදුම දරාගත හැකි ආකාරය පිළිබදව නිරතුරුව පුරුදු පුහුණු කිරිමට දෙමාපියන් ක්‍රියා කළ යුතු බවද විනයක් නොමැතිව රටක් සංවර්ධනය කළ නොහැකි බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසිය.ජාතික ශීෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජිි.එස් ෆොන්සේකා මහතාගේ අධික්ෂණයෙන් මෙම කටයුතු සිදු විය.