Spread the love


නිමල් රාජපක්ෂ-

ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර සිට ඉන්දියාවේ මුම්බායි හරහා විස්තරා ගුවන් සේවයට අයත් UK 131 යන ගුවන් යානයෙන් සවස හතරට පමණ ලංකාවට පැමිණි කාන්තාවකගේ ශරිරියේ සගවා තිබු රුපියල් මිලියන 26 ක් වටිනා කොකේන් ගුලි 57 ක් රේගු මත්ද්‍රව්‍ය නාශණ අංශයේ නිලධාරීන් ඊයේ සවස අත්අඩංගුවට ගෙන ඇත.
අදාල කාන්තාව කෙරෙහි සැකසිතු රේගු නිලධාරීන් මීගමුව රෝහලට රැගෙනවිත් කල පරික්ෂාවකදි ග්‍රෑම් 620 ක් බරති කොකේන් ගුලි තොගයක් සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යේෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පවසයි.
තවදුරටත් ඇයගේ ශරීරය තුළ මත්ද්‍රව්‍යගුලි ඇතැයි නිලධාරීන් සැකකරයි.

කාන්තාවගේ වයස අවුරුදු තිස් අටක් පමණ වන අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකාර කාන්තාව හා මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දෙන ලදී.
ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ගුවන්තොටුපළ තුල මෑතකදී සිදු කරන ලද දෙවැනි කොකේන් වැටලීම මෙය වේ.