Spread the love

ශ්‍රි පාදස්ථානයේ විදුලි පරිභෝජනය වෙනුවෙන් කිසිදු අවස්ථාවක මුදල් ගෙවීමක් සිදු නොකරන බව ශ්‍රි පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමි පවසයි.

එළඹෙන ශ්‍රිපාද සමය පිළිබඳ පැවති සාකච්ඡාවකදී ශ්‍රි පාදස්ථානාධිපති හිමි මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රි පාදස්ථානාධිපති හිමි පැවසුවේ එසේ මුදල් අයකිරීමක් ඉතිහාසය පුරා සිදුව නොමැති බවය.

මේ අතර, විදුලි බිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් දිවයිනේ ප්‍රදේශ රැසකදී ඊයේ රාත්‍රියේ විරෝධතා පැවැත්වුණි.