Spread the love

නාගොඩ -සුමන

දිවයින පුරා බිඳ වැටුණු විදුලි සැපයුම මේ වනවිට සම්පුර්ණයෙන් යථා තත්ත්වයට  පත්කර ඇතිබව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසීය.

පැය පහමාරක් තුළ දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකිවූ බව පැවසීය.
ඊයේ (09) පස්වරු 05.10 ට පමණ දිවයින පුරා විදුලිය බිඳ වැටීම සිදුවිය.
කොත්මලේ සිට බියගම දක්වා සම්ප්‍රේෂණ පද්ධතියේ හටගත් දෝෂයක් විදුලි බිඳ වැටීමට හේතුවිය.
හදිසියේ ඇති වූ තත්ත්වය හමුවේ  ජනතාව ඊයේ (09) රාත්‍රියේ දැඩි පීඩාවට පත් විය.
සිදුවූ විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතිබව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා වැඩිදුරටත් පැවසීය.