යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන අදහස් ලබාගැනීම අදින් අවසන් වනවා.
ඒ අනුව, බස්නාහිර පළාතේ මහජන අදහස් ලබාගැනීම අද (10) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතයි.
විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් ලබා ගැනීම පසුගිය දෙසැම්බර් මාසයේදී ආරම්භ වුණා.
මහජන උපදේශනයේ දී ඉදිරිපත් කෙරෙන අදහස් හා යෝජනා ද සැළකිල්ලට ගෙන, මේ වසරේ මුල් මාස 06 සදහා බලාත්මක වන විදුලි ගාස්තු පිළිබඳ අවසන් තීරණය ලබන 17 වන සිකුරාදා ප්‍රකාශයට පත් කරන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.