Spread the love

විදුලි ගාස්තු අඩු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව ඒකක 30ට අඩුවෙන් භාවිතා කරන පාරිභෝගිකයන් සඳහා දැනට අය කරන රුපියන් 12 ගාස්තුව රුපියල් 08 දක්වා 33.3%කින් පහළ දමා ඇත.

ඒකක 31-60ත් අතර විදුලි පාරිභෝගිකයන් සඳහා 28%කින් ගාස්තු පහළ දැමීමට නියමිතය.

ඒකක 61-90 සහ පරිභෝජනයක් සහිත නිවාසා සඳහා 30%කින් ගාස්තු පහළ දමයි.

ඒකක 91-120 අතර පාරිභෝගිකයන්ට විදුලි ගාස්තුව අඩුවන්නේ 24%කිනි.

ඒකක 180වට වැඩි ගෘහස්ථ පාරිභෝගිකයන්ට 18%කින්, ආගමික ස්ථානවලට 33%කින් හෝටල් සහ කර්මාන්ත අංශවලට 18%කින් පොදු කාර්ය කාණ්ඩයට 23%කින් රාජ්‍ය අංශය සඳහා 22%කින් විදුලි ගාස්තු අඩු කර තිබේ.

මෙම ගාස්තු අඩු කිරීම අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මකය.