Spread the love

සියලුම ධීවර බෝට්ටු සඳහා ඉන්ධන භාවිතා කිරීමේදි ධීවරයන්ට විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බැවින් විදුලි කෝෂ මගින් ධාවනය කිරීමට හැකි බෝට්ටුව එන්ජිමක් හඳුන්වාදීමට අමාත්‍ය දේවානන්දාගේ මහතා පියවර ගෙන ඇත.
ඒ අනුව කහතුඩුව බණ්ඩාරගම පිහිටි මිල්ටන් මෝටර්ස් ආයතනයේ විදුලි කෝෂ මගින් ධාවනය කිරීමට හැකි බෝට්ටු එංජිමක් හදුන්වා දී තිබේ.
අමාත්‍යවරයා මිල්ටන් මෝටර්ස් ආයතනය විසින් නිපදවන ලද එන්ජිමේ ධාවන තත්වය පිළිබඳ පරීක්ෂාකළ අතර එළඹෙන සතියේ දී එහි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය පිළිබඳ සාගරයේදී පරීක්ෂණ කටයුතු සිදුකරන බවත් කඩිනමින් මෙම බෝට්ටු එන්ජිම ධීවරයින්ට හඳුන්වා දීමට කටයුතු කරයි. මීට අමතරව එම බෝට්ටු එන්ජිම වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය
මෙම විදුලි කෝෂ යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති බෝට්ටු එන්ජිමෙන් කිලෝමිටර් සියයක් පමණ ධාවනය කළ හැකි බවත් මින් දෛනිකව ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ට මෙන්ම ටෝලර් යාත්‍රා මගින් කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ටද විශාල සහනයක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද අමාත්‍යවරයා
වැඩිදුරටත් පැවසීය.
මෙම ආයතනයේ විසින් විදුලි කෝෂ යොදා ගනිමින් ත්‍රීවිල් රථ ද නිෂ්පාදනය කර ඇති අතර මෙම ආයතනය නැරඹීමට ජනාධිපතිතුමන් කැඳවාගෙන ඒමට තමා
බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය