Spread the love

දැනට පෙනෙන්නට සිටින ජනාධිපති අපේක්ෂකයන් අතරින් වඩාත් සුදුසුම අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සලකන බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේෂ්වරන් මහතා සඳහන් කරයි.

වත්මන් අපේක්ෂකයන් අතුරින් හොඳම අපේක්ෂකයා ලෙස තමන් වත්මන් ජනාධිපතිවරයා සලකන බවද ඔහුට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය පළ කරන බවද ඔහු කියා සිටී.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී තමන් සමග කතා කළ නමුත් සාකච්ඡා කර දේ හෙළි කිරීමට නොහැකි බවද ඔහු සඳහන් කළේය.