Spread the love

රැකියාවක් සඳහා විදේශගත වන ඥාතියෙකු කටුනායක ගුවන්තොටුපොළ වෙත ඇරලවා පැමිණෙමින් තිබූ වෑන් රථයක් පුද්ගලයින් 11 දෙනෙකු සමග පෙරළීගොස් තිබේ.

අද (16) උදෑසන මීගහතැන්න මංසන්ධිය ප්‍රදේශයේදී සිදුවූ එම අනතුරෙන් කාන්තාවක් මිය ගොස් අනෙක් 10 දෙනා තුවාල ලබා ඇත.

එලෙස මියගොස් ඇත්තේ විදේශගතවූ පුද්ගලයාගේ බිරිඳගේ මව බව අප වාර්තාකරු පැවසීය.

මතුගම සිට හිනිදුම ප්‍රදේශය දක්වා ගමන්ගත් වෑන් රථය රියදුරුට නින්දයෑම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන එලෙස පෙරළී ගොස් ඇති බව මූලික විමර්ශවලදී හෙළිවූ බව මීගහතැන්න පොලීසිය පැවසීය.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් මීගහතැන්න ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබුණි.

පසුව ඉන් කිහිපදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.

You may like this video