Spread the love

දිවයිනේ නිරිත දිග ප්‍රදේශ වලට ඉදිරි දිනවලද සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.

නිරිත දිග මෝසම සක්‍රීය පැවතීම ඊට හේතුවී තිබේ.

බස්නාහිර ,සබරගමු ,දකුණ,මධ්‍යම සහ වයඹ පළාත් තැනින් තැන වැසි ඇතිවිය හැකිය.

ඇතැම් ස්ථාන වලට 50mm වැසි ඇතිවිය හැකිය.

පවතින වැසි සහිත කාලගුණ තත්වය අඩු වුවත් ඉදිරි දිනවල නිරිත දිග කොටසේ වැසි තත්වය වර්ධනය විය හැකි බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසීය.