Spread the love

වැලිගම නගරය ආශ්‍රිත මුහුදු කලාපයේ අද මුහුදු රළ ස්වභාවික පැහැය වෙනස් වී තද දුඹුරු පැහැයක් ගැන් වී තිබු බව ඒ අවට ජනතාව පැවසීය.

එක්වරම සිදු වී තිබු මෙම වෙනස්කම හේතුවෙන් ජනතාව අනියත බියක් ඇති කර ගෙන තිබුණි.

මේ පිළිබඳව නාරා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ උපුල් ලියනගේ මහතාගෙන් විමසූ විට කියා සිටියේ වර්ෂාවත් සමග මේ දිනවල දිය වැල් රටාව වෙනස් වී ඇල්ගී වැඩි වීමත් සමග මුහුදු රල පැහැයේ වෙනස් වීමක් බලාපොරොත්තු විය හැකි බවයි.

මෙය ද එවැනි තත්වයක් ද යන්න සොයා බැලීමට ජල සාම්පල් ලබා ගෙන වැඩි දුර පර්යේෂණ සිදු කරන බවත් එම නිසා කිසිවකුත් අනියත බියක් ඇති කර ගත යුතු නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.