Spread the love


නිමල් රාජපක්ෂ-

උත්සව සමයේ සහල් හිගයක් මවා පාමින් සහල් මිල ඉහළ නැංවීමට සහල් මෝල් හිමියන් කූට උපක්‍රමයකේ යොදන බවත් , එසේ සහල් වැඩි මිලට අලෙවි කළ හොත් ඹහුනට තරාතිරම නොබලා නඩු පැවරීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

දැනට තිබෙන පාරිභෝගික ආරක්ෂණ පනත සංශෝධනය කර පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට සහල් සඟවාගෙන සිටින මහා පරිමාණ සහල් මෝල් අයිතිකරුවන්ගේ ස්ථාන පරීක්ෂාවට සහ නඩු පැවරීමට ද බලතල ලබා දීමට පියවර ගන්නා බවද පැවසුවේය.

කෘෂිකර්ම අමාත්‍යවරයා සහල් ආනයනය සඳහා එකඟවී ඇති බවට පසුගියදා රෝෂාන් රණසිංහ හිටපු අමාත්‍යවරයා මිහින්තලේ නායක හාමුදුරුවන් හමුවූ අවස්ථාවේ කල ප්‍රකාශය පිළිබඳව ද කෘෂිකර්ම අමාත්‍යවරයා කරුණු සඳහන් කරමින්,

දැනට රටේ කීරි සම්බා සහල් හිඟයක් පවතී. මෙම සහල් හිඟය ද මහා පරිමාණ සහල් මෝල් අයිතිකරුවන් හා කුඩා පරිමාණ සහල් මෝල් අයිතිකරුවන් විසින් නිර්මාණය කරන ලද්දකි. එසේ වුවත් මෙම උත්සව සමයේ කීරි සම්බා සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් ඊට විකල්ප සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් ආනයනය කිරීමට යෝජනා වුවත්, කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් තමන් එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 50,000 දක්වා අඩු කිරීමට යෝජනා කළ බවත් ඊට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවත් අමාත්‍යවරයා කීය.