Spread the love

දුම්රිය සේවකයින් තවදුරටත් වැඩ වර්ජනයක නියැලුණහොත් එම සේවකයින් සේවය අත්හැර ගියා සේ සලකා රැකියාවෙන් ඉවත් කරන බව ප්‍රවාහන සහ මහ මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසිය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඒ බැව් කියා සිටියේ (20) දින හැටන් දුම්රිය ස්ථනය සතු භුමියේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් රු මිලියන 400 ක ප්‍රතිපාදන යටතේ ඉදි කරන ලද නව ගොඩනැගිල්ල දුම්රිය දෙපාර්තුමේන්තුවේ අදායම් උපයා ගැනිම සම්බන්ධයෙන් සොයා බැලිමට එක්වෙමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ

මීට පස්සේ දුම්රිය වර්ජන නැ, දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙන්නේ, දුම්රිය ක්ෂෙත්‍රය සම්බන්ධයෙන් යම් ගැටළුවක් පවතිනවා නම් එක සාකච්ඡා කල යුතුයි, එහෙම නැතුව ජනතාව පිඩාවට පත් වන ආකාරයෙන් වර්ජනය කලහොත් රැකියාව අත්හැර ගියා සේ සලකා රැකියාවෙන් ඉවත් කරනවා ලංකාවේ නිතියට ගරු නොකිරිම මත.

රටේ නිතියට අපි සියළු දෙනා ගරු කරන්න අවශ්‍යයි, එහෙම නැතුව රාජ්‍ය සේවය කරන්න බැ.

දුම්රියන් නිරතන්තරයෙන් පිලි පැනිම සම්බන්ධයෙන් නිලධාරින්ට කරන්න දෙයක් නැ, දුම්රිය දෙපාර්තුමේන්තුව කාලයක් තිස්සේ අලාභ ලබනවා, පවතින ආර්ථික අර්බුධයත් එක්ක.

දුම්රියන්, දුම්රිය පිලි ඇතුළු දේවල් අරගෙන තියෙන්නේ දේශිය සහ විදේශිය ණය අරගෙන, ගත්ත ණය ගෙවන්නේ නැතුව ණය දෙන්නේ නැ.

අවසානයේ අසියානු සංවර්ධන බැංකුව පිලි දස දහසක් සදහා ණය මුදලක් ලබා දිලා තියෙනවා, කලින් ලබාගත් ණය මුදලින් අනුරාධපුර සිට මහනුවර දක්වා නතර කරලා තිබුණ දුම්රිය ධාවනය රු කොටි තුන්දහසක ඉන්දියානු ණය මුදලින් සිදුකරගෙන යනවා.

ලංකාවේ ජනතාවගේ බදු මුදල් වලින් මේවා කරලා නැ, ඉතිහාසය පුරාවටම මේවා කරලා තියෙන්නේ විදේශිය ණය මුදල් වලින්.

දැන් ලෝකයේ අනෙකුත් රටවල් සමග සාකච්ඡා කරලා පැරිස් ඒකාබද්ධ ආධාර කණ්ඩායම ජපානය, ඉන්දියාව, චිනය වගේ රටවල් එක්ක ණය ආපසු ගෙවිමට ගිවිසුමකට එලඹිලා තියෙනවා.

ඒ නිසා දැන් ණය සහන සහ නතර වෙලා තියෙන ව්‍යාපෘති ආරම්භ කරන්න පුළුවන් වෙලා තියෙනවා, දේශපාඥයින් කියන විදිහට ප්‍රාතිහාර පාන්න බැ, එහෙම කරන්න මුදල් නැ.

සුරුට්ටු කඩයක්වත් කරපු නැති අයට කියන්න පුළුවන් මම ඇවිල්ලා මේක කරනවා අරක කරනවා කියලා, පවතින අමාරුකම අපි සියළු දෙනා එකතු වෙලා වැඩ කරන්න අවශ්‍යයි යනුවෙන් පැවසිය.

මෙම නිරික්ෂණ චාරිකාවෙන් අනතුරුව අමාත්‍යවරයා හැටන් ලංගම ඩිපෝවේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් එහි අඩුපාඩුකම් සොයාබලා කඩිනමින් ඒ සදහා විසදුම් ලබාදෙන බවට ලංගම ඩිපෝවේ සේවකයින් හමුවේ පොරොන්දු විය.

මෙම අවස්තාවට නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතාද සහභාගි විය.