Spread the love

දේශීය වෙළඳපොලේ වාහන මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ.

වාහන අලෙවිකරුවන් සඳහන් කරන්නේ පසුගිය මාසයට සාපේක්ෂව මේ වන විට විශේෂයෙන් මෝටර් රථවල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.

රජය විසින් පොදු ප්‍රවාහන සඳහා යොදා ගන්නා වාහන ආනයනට අවසර දුන්නද පුද්ගලික වාහන ආනයන අවසන් වීම ඊට හේතු වී ඇති බවත් ඔවුන් කියා සිටිති.

මෙම තත්ත්වය දිගටම පැවතුණොත් තවදුරටත් වාහන මිල තවත් ඉහළ යා හැකි බවද ඔවුන් පෙන්වා දෙති.