Spread the love

වාහන මිලට ගෙන තමන්ගේ නමට ලියාපදිංචි නොකර භාවිතා කරන පුද්ලයන්ගෙන් දඩ මුදලක් අය කිරීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සඳහන් කරයි.

ඒ අනුව වාහනයක් මිලදීගෙන දින 14 ක් එකත් ඇතුළත ලියාපදිංචි කළ යුතු බවත් ඉන් අනතුරුව සෑම දිනයක් සඳහාම රුපියල් සියයක දඩ මුදලක් අය කරන බවත් හෙතෙම පැවසීය.

මාර්ග නීති කඩ කරන රියදුරන් මාර්ගවල ස්ථාපිත කැමරා පද්ධති හරහා හදුනාගෙන දඩ පැනවීමේදී වාහන ලියාපදිංචි පුද්ගලයාට දඩ නියම වන බවද පැවසූ ඔහු ඒ යටතේ පැවරීම් කර නැති වාහන විශාල ප්‍රමාණයක් හඳුනා ගැනීමට හැකි වනු ඇතැයි ද කියා සිටියේය.