Spread the love

පවතින අධික වැසි තත්ත්වයත් සමග දිවයිනේ ගංගා රැසක ජල මට්ටම සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අද රාත්‍රියේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කැළණි, කළු, නිල්වලා වලවේ යන ගංගාවල ජල මට්ටම මෙලෙස ඉහළ යමින් පවතින බවයි.

එසේම අත්තනගලු ඔයේ සහ මහ ඔයේ ජල මට්ටම් ද මෙලෙස ඉහළයමින් ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.