නිමල් රාජපක්ෂ
දුම්රිය ආරක්ෂක හමුදාවේ පත්වීම් ලිපි ලබා ගැනීමට නොපැමිණ 77 දෙනෙකු සිටින බැවින් ඹවුන් ශ්‍රී ලංකාව තුළ සිටින්නේ නම් වහාම පැමිණ පත්වීම් ලිපි ලබා ගන්නැයි දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා පවසයි.
දුම්රිය ආරක්ෂක හමුදාවට අලුතින් සේවකයින් 178 ක් බදවා ගැනීමට තෝරාගෙන පත්වීම් ලිපි ප්රදානය කිරීම පසුගිය 6 වැනිදා ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා ඇමති බිමල් රත්නායක මහතා අතින් ප්රදානය කෙරිණ.
නමුත් එදින පත්වීම් ලබා ගැනීමට පැමිණ සිටියේ 101 දෙනෙකු බැවින් ඉතිරි අයත් වහාම සේවාවට වාර්තා කරන්නේ නම් ඹවුන්ද සේවාවට බදවා ගැනීමට පියවර ගැනෙනු ඇත.
දුම්රිය ආරක්ෂක හමුදාවට ආරක්ෂක නිලධාරීන් 719 ක් සිටිය යුතු වුවත් දැනට සිටින්නේ 311කි. අලුතින් බදවා ගත් 101 සමගින් දුම්රිය ආරක්ෂක නිලධාරින් 411 ක්වෙයි. නමුත් දුම්රිය ආරක්ෂ හමුදාවට තවත් නිලධාරීන් 308 ක් පුරප්පාඩුවක් තිබෙන බවද අනුර ප්‍රේමරත්න මහතා වැඩි දුරටත් පැවසුවේය.